General27 January 2015

වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත අත්අඩංගුවට.

වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය සනත් නිශාන්ත පොලීසිය අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔහු ආනමඩුව පොලීසියට භාරවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරණ සමයේදී ආනමඩුව - ගරායක්ගම ප්‍රදේශයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයකට පහර දී අලාභ හානි සිදුකිරීම සහ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. අත්අඩංගුවට ගත් වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත අද දිනයේ දී පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes