44 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු කේ. ශ්රීපවන්ට වත්මන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සුබපැතුම් එක් කළා. ඒ, ඇය විශ්‍රාම යාම සඳහා අද පෙරවරුවේ අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සංවිධාන කර තිබූ උත්සවයකදියි. එහිදී හැඟීම්බර කථාවක් සිදුකරමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රකාශ කර ඇත්තේ යුක්තිය ඉටුවීම පිළිබඳව තමා සතුටුවන බවයි.
Update: Thursday, 29 January 2015 - 11:21 AM
......................................................
අගවිනිසුරු අද සමුගනී
ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය ඉවත් කර ඇති නිසා ඇය ඊයේ දිනයේදී යළි සිය ධුරයේ වැඩකටයුතු භාරගත් බවයි එම සංගමය සඳහන් කළේ.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කර ඒ වෙනුවට මොහාන් පීරිස් පත් කිරීම නීතියට අනුව අවලංගු සහ බලශූන්‍ය ක්‍රියාවක් බව රජය ඊයේ ප්‍රකාශ කළා. ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි පරිදි විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම යෝජනාව සම්මත වුවද අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස ඉල්ලීමක් සම්මත නොවූ බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සහ මොහාන් පීරිස්ව පත් කිරීම මුල සිටම නීතිය අනුව අවලංගු සහ බලශූන්‍ය ක්‍රියාවක් බව රජයේ මතයයි.
නව රජය බලයට පත්වීමත් සමග අගවිනිසුරු ධුරය පිළිබඳව රට තුළ කථාබහක් ඇතිවුණේ ජනවාරි 8 වැනිදා යෙදුනු ජනාධිපතිවරණ රාත්රියේදී අරලියගහ මන්දිරයේ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධ සිද්ධියත් සමගයි. මෙතෙක් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් එදින රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ රැඳී සිටි බවට විවිධ මත පළවුණා.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ඔහුගෙන් ප්‍රශ්න කළ අතර නීතීඥ සංගමය ඇතුලූ සිවිල් සංවිධාන රැසකින් ධුරයෙන් ඉවත්වන ලෙස අගවිනිසුරුවරයාට බලකර සිටියා.
ඒ අනුව නීතීඥ සංගම් එකමුතුවද ඊයේ සිවිල් සංවිධාන කිහිපයක් සමග එක්ව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණේ අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත්විය යුතු බව පවසමින්.
මේ අතර මීට පෙර ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක උපරිමාධිකරණ සංකීර්ණයේ අගවිනිසුරු කාර්යාලය වෙත ඊයේ දහවල් පැමිණියා. නීතීඥ සංගමයේ නිලධාරීන් ඇය පිළිගත් අතර අනතුරුව එහි අභ්‍යන්තරයේ සිදුවූ කරුණු මාධ්‍යයට විවෘත වූයේ නැහැ.
කෙසේ වෙතත් නීතීඥ සංගමය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි සභාපති නීතීඥ උපුල් ජයසූරිය සඳහන් කළේ අද දිනයේදී අගවිනිසුරුවරියගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් විශේෂ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි.
ශිරාණි බණ්ඩාරනායක 2013 වසරේ ජනවාරි 11 වැනිදා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තු දෝෂාභියෝග ක්‍රියාවලියක් තුළින්. ඉන් දින 4 කට පසුව හිටපු නීතිපතිවරයෙකු වූ මොහාන් පීරිස් සිය ධුරයේ දිවුරුම් දුන්නා. එම වසරේම පෙබරවාරි 21 වැනිදා මීට අදාළව පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බලරහිත කරමින් හිටපු අගවිනිසුරුවරිය ගොනුකළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

Latest News
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
Local
06 September 2026
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
Local
06 September 2026
ආණ්ඩුවේ දෙවසර ගතවීම වෙනුවෙන් අද සිට ජන රැලි මාලාවක්
Local
06 September 2026
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Local
06 September 2026
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
Local
06 September 2026
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026