General24 February 2015

ආහාර විෂ වී අකුරැස්සේ ඇඟලූම් සේවිකාවන් 24ක් රෝහලේ

අකුරැස්ස ප්‍රදේශයේ ඇඟලූම් කම්හලකින් ලබාදුන් උදෑසන ආහාර විෂවීමෙන් සේවිකාවන් 24 දෙනෙකු, කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද (24) උදෑසන ඔවුන් රෝහල් ගත කළ බවයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේම පදිංචි ඇඟලූම් සේවිකාවන් පිරිසක් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes