මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට පවරා තිබූ නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ දණ්ඩනීති සංග්‍රහය යටතේ එකම වරදක් සම්බන්ධයෙන් වසරක් තුළ අධිචෝදනා ගොනු කළ හැක්කේ චෝදනා 3 කට පමණක් බවයි. එහෙත් සැකකාර වෙළේ සුදාට එරෙහිව වසර දෙකයි මාස 4 ක් තුළ එකම වරද සම්බන්ධයෙන් චෝදනා 57 ක් ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතීඥයින් අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව මෙම අධිචෝදනා පත්‍ර දෝෂ සහිත බැවින් ඊට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මෙම නඩුවට අදාළ ලිඛිත දේශණ මැයි මස 5 වැනිදාට ඉදිරිපත් කරන ලෙස සියලූ පාර්ශවයන් වෙත නියෝග කළා. ඊට අමතරව නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි ඉදිරිපත් කළ පසු යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද විනිසුරුවරිය මෙහිදී නියෝග කර සිටියා.
Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026