කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ලෙස හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි එම විශ්වවිද්‍යාලයේම සම්මානනීය මහාචාර්යවරියක වන ලලිතා මෙන්ඩිස් පත්කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන්. මෙතෙක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගම නිවාඩු ලබාගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ. හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා කියා සිටියේ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමගේ ගේ නිවාඩු ලිපියට අනුමැතිය ලබාදුන් බවයි.
පසුගිය කාල සීමාව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමට තනතුරෙන් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා ක්‍රියාමාර්ග සිදුවුණා. ඒවා සංවිධාන කර තිබුණේ එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරුන් විසින්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද එම විරෝධතාවන්ට සහය පළ කළා. ආචාර්ය හිරිඹුරේගමට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය තුළ සිටියදී ඔහු දේශපාලන හේතූන් මත උපකුලපති තනතුරට පත්කර ඇති බවටයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ අදාළ උපකුලපතිවරයා තාවකාලිකව නොව ස්ථිර වශයෙන් ඉවත් කළ යුතු බවයි.

Latest News
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026