කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ලෙස හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි එම විශ්වවිද්‍යාලයේම සම්මානනීය මහාචාර්යවරියක වන ලලිතා මෙන්ඩිස් පත්කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන්. මෙතෙක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගම නිවාඩු ලබාගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා කියා සිටියේ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමගේ ගේ නිවාඩු ලිපියට අනුමැතිය ලබාදුන් බවයි.
පසුගිය කාල සීමාව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමට තනතුරෙන් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා ක්‍රියාමාර්ග සිදුවුණා. ඒවා සංවිධාන කර තිබුණේ එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරුන් විසින්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද එම විරෝධතාවන්ට සහය පළ කළා. ආචාර්ය හිරිඹුරේගමට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය තුළ සිටියදී ඔහු දේශපාලන හේතූන් මත උපකුලපති තනතුරට පත්කර ඇති බවටයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ අදාළ උපකුලපතිවරයා තාවකාලිකව නොව ස්ථිර වශයෙන් ඉවත් කළ යුතු බවයි.

Latest News
වසරේ මුල් මාස නවය තුළ මෙරට විදේශ සෘජු ආයෝජන ලැබීම් ඉහළට
Local
21 October 2025

ධවල මන්දිරයේ ජනපති ආර්යාවගේ කාර්යාලය ට්‍රම්ප් සමතලා කරයි
Local
21 October 2025

පාරිභෝගිකයන් සඳහා ණය පොලී අනුපාත සිව් වසරකට පෙර මට්ටමට
Local
21 October 2025

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
21 October 2025

ගෙවුණු පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය බද්දේගමට
Local
21 October 2025

බිඳවැටුණු රජයේ මාර්ගගත සේවාවන් සියල්ල යථා තත්ත්වයට
Local
21 October 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
Local
21 October 2025

රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතයි
Local
21 October 2025

අධික වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්
Local
21 October 2025

ප්‍රංශයේ හිටපු ජනපති සාර්කෝසි අද සිපිරි ගෙට
Local
21 October 2025