19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා දිනයේදීම නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (15) ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක අදහස් විමසීමට හිරු ප්රවෘත්ති අංශය කටයුතු කළා.
පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 250 ක් බවට පත් කෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධනය සිය පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය මෙම නව මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ අදාළ සංශෝධනය පිළිබඳ ප්‍රායෝගික ගැටළු රැසක් පවතින බවයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමට දායක වූ සියලූ පාර්ශවයන් සමඟ සාකච්ඡාකර නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි. ඒ සම්බන්ධයෙන් සුදුසුම ස්ථානය ජාතික විධායක සභාව බවයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හෙට (16) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමඟ කෙරෙන සාකච්ඡාවකදී අදාළ මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.
නිදහස් පක්ෂය ඉදිරිපත් කරන නව මැතිවරණ ක්‍රමය උතුරේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන තීරණය කළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් කියා සිටියේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලබන 18 වනදා රැස්වන උත්තරීතර මණ්ඩල හමුවෙන් අනතුරුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවයි එහි ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන් ප්‍රකාශ කළේ.
Update : Wednesday, 15 April 2015 - 18:36
............................................................
විසිවන සංශෝධනයත් පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 250 ක් බවට පත් කෙරෙන විසිවන සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනෙන අවස්ථාවේදීම විසිවන සංශෝධනයද ගෙන ඒමට නිදහස් පක්ෂය එකඟත්වයකට පැමිණ ඇති බවයි.
කේවල ක්‍රමය යටතේ ආසන 165 කින්, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 කින් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 25 කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට නිදහස් පක්ෂය දැනටමත් එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවැත්වුණා.
විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩු කෙරෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වන සංශෝධන පනත් කෙටුම්පතද එකවර ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බව පසුගිය සතියේ රැස්වූ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා.

Latest News
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026