General05 May 2015

ජොනී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ, මොහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,316ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්.

ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබූ අතර  ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය 22 වැනිදායි. ඒ අනුව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නා.
Related recommendation
Hiru TV News | Programmes