General07 May 2015

6ක් හොයා ගත්තා ඉතුරු 5 කොහේද ?

නීතිවිරෝධීව රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් 11 දෙනාගෙන් 6 දෙනෙකු මේ වනවිට සොයාගෙන ඇති බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක පවසනවා. නීතිවිරෝධීව රඳවාගෙන සිටි බවට සැකපිට සොයාගැනුනු අලි පැටවුන් තිදෙනා බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ කාර්යාලයට භාරදුන් බව සඳහන්. මෙම අලි පැටවුන් සොයාගනු ලැබුවේ බණ්ඩාරගම, කිරිඳිවැල සහ අලව්ව යන ප්‍රදේශවලින්. වන අලි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් හෙළිකළ කරුණුවලට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේ. එහිදී නීතිවිරෝධීව අලි පැටවුන් 11 දෙනෙකු රඳවාගෙන සිටින බවට කරුණු අනාවරණ වුණා. මෙම අලි පැටවුන් අවුරුදු 5 ත් 7 ත් අතර වයසේ පසුවන බවටයි දැනට සිදුකරන ලද කරුණුවලින් අනාවරණ වී ඇත්තේ.

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ අදාල අලි පැටවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයට යොමු කිරීමට කටයුතු කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes