නීතිවිරෝධීව රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් 11 දෙනාගෙන් 6 දෙනෙකු මේ වනවිට සොයාගෙන ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක පවසනවා. නීතිවිරෝධීව රඳවාගෙන සිටි බවට සැකපිට සොයාගැනුනු අලි පැටවුන් තිදෙනා බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ කාර්යාලයට භාරදුන් බව සඳහන්. මෙම අලි පැටවුන් සොයාගනු ලැබුවේ බණ්ඩාරගම, කිරිඳිවැල සහ අලව්ව යන ප්රදේශවලින්. වන අලි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් හෙළිකළ කරුණුවලට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේ. එහිදී නීතිවිරෝධීව අලි පැටවුන් 11 දෙනෙකු රඳවාගෙන සිටින බවට කරුණු අනාවරණ වුණා. මෙම අලි පැටවුන් අවුරුදු 5 ත් 7 ත් අතර වයසේ පසුවන බවටයි දැනට සිදුකරන ලද කරුණුවලින් අනාවරණ වී ඇත්තේ.
වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ අදාල අලි පැටවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයට යොමු කිරීමට කටයුතු කරන බවයි.
වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ අදාල අලි පැටවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයට යොමු කිරීමට කටයුතු කරන බවයි.
Latest News
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026