Update :
නේපාලයේ අද (12) ඇතිවූ භූ කම්පනවලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මියගොස් 1000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. පසුගිය අප්‍රේල් 25 වැනිදා නේපාලයට බලපෑ මෙවැනිම භූ කම්පනයකින් පුද්ගලයින් 8 000 කට අධික පිරිසක් මියගොස් 17 866 දෙනෙකු තුවාල ලැබුවා.
අද ඇතිවූ භූ කම්පනය ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයටද බලපෑ අතර බංග්ලාදේශයේ ඇතැම් ප්රදේශවලටද එය දැනී තිබෙනවා. මියගිය තුන්දෙනෙකු ඉන්දීය ජාතිකයින් බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
අද භූ කම්පනය ඇතිවන අවස්ථාවේදී නේපාලයේ පාර්ලිමේන්තු සැසිවාරයද පැවතියා. භූ කම්පනයෙන් ඇතිවූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි රැස්වීමක්ද කැඳවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Update: Tuesday, 12 May 2015 - 19:39
.........................................................
නේපාලයේ අද සිදුවූ භූ කම්පනයෙන් එරට වාසය කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කත්මන්ඩු නුවර පිහිටි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භූ කම්පනයෙන් හානි සිදුවූ බවට විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් නිවේදනය කළා. එහෙත් අද පස්වරුවේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ එය නිවැරදි නොවන බවයි.
අද දහවල් 12.35 ට පමණ ඇතිවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ සටහන්වූයේ ඒකක 7 යි දශම 3 ක් ලෙසයි. එහි කේන්ද්‍රය එවරස්ට් කඳු ශිඛරය ආසන්නයේ නම්චේ බසාර් ප්‍රදේශයේ පිහිටා ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කළා. පළමු කම්පනයෙන් අනතුරුව ඒකක 5 යි දශම 4 යි, 6 යි දශම 2 යි සහ 4 යි දශම 8 ලෙස සටහන් වූ තවත් කම්පන 3 ක් නේපාලයේ ඇතිවුණා. ඒවායේ කේන්ද්රයන්ද පිහිටා තිබුණේ එවරස්ට් කඳු ශිඛරය ආශ්‍රිතවයි. මෙම භූ කම්පන ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇතුලූ උතුර ප්‍රදේශවලට සහ බංග්ලාදේශයට බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ අතර නේපාලයේ පසුගියදා ඇතිවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට ආහාර සහ ඖෂධ ටොන් 17ක් රැගෙන ඊයේ උදෑසන කත්මණ්ඩු බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඊයේ රාත්‍රියේ නැවතත් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. ඒ, නේපාල සහන මෙහෙයුම්වල නිරත වූ ශ්‍රී ලංකා හමුදා සෙබලූන් එකසිය හතලිස් දෙදෙනෙකු රැගෙනයි. මේ වනවිට ශ්‍රී ලංකා සහන කණ්ඩායම්වල කිසිවෙකුත් නේපාලයේ රැදී නොසිටින බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
Update: Tuesday, 12 May 2015 - 07:33 PM
.............................................................................................................
නේපාලයේ කත්මණ්ඩු නගරය කේන්ද්‍ර කොටගෙන අද (12) තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. මුලින් එය රික්ටර් පරිමාණයේ 7.4ක භූ කම්පනයක් ලෙස හැදින්වූ අතර දැන් එහි ප්‍රබලතාව ගණනය කර ඇත්තේ 7.3ක් ලෙසයි. එවරස් කඳු ශිඛරය ආසන්නයේ වූ නම්චේ බසාර් නගරය භූ කම්පනයේ කේන්ද්‍රයයි. මෙහි අතුරු කම්පන නවදිල්ලි නගරය ඇතුළු උතුරු ඉන්දියාවට දැනී තිබෙනවා. එම භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් පරිමාණයේ 5.6ක සහ 6.3ක තවත් ප්‍රබල අතුරු කම්පන දෙකක් නේපාලයෙන් වාර්තා වුණා.
පසුගිය අප්‍රේල් 25 වන දා නේපාලයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.9ක මහා භූ කම්පනයෙන් පුද්ගලයන් 8000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 17,000කට අධිකයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට නේපාලයට දැනට බලපෑ භූ කම්පනයට සමාන කම්පනයක් ඇෆ්ගනිස්ථානයේත් සිදුව ඇති බවයි.
14:03 : මේ අතර, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ද භූ කම්පනයෙන් සුළු හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට සහ නේපාලයේ ශ්‍රී ලාංකිකයන්ට ඉන් අනතුරක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. පසුගිය අප්‍රේල් 25 වන දා සිදුවූ රික්ටර් පරිමාණයේ 7.9ක ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව නේපාලයේ සිටි ශ්‍රී ලාංකිකයන් සියලූදෙනාම පාහේ මේ වන විට දිවයිනට රැගෙන විත් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
14:30 : නේපාලයේ කත්මණ්ඩු නගරය කේන්ද්‍ර කොටගෙන අද සිදුවූ රික්ටර් පරිමාණයේ 7.4ක භූකම්පනයේ ප්‍රථම ජීවිත හානි දැන් වාර්තා වනවා. චව්තාරා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් එහිදී පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.
15:30 : නේපාලයේ කත්මණ්ඩු නගරය කේන්ද්‍ර කොටගෙන අද සිදුවූ රික්ටර් පරිමාණයේ 7.3ක භූකම්පනයෙන් අවම වශයෙන් තිස් දෙදෙනෙකුවත් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. 1006 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ. එවරස්ට් කඳු ශිඛරය ආසන්නයේ වූ නම්චේ බසාර් නගරය අද සිදුවූ භූ කම්පනයේ කේන්ද්‍රයයි. මෙහි පසුකම්පන නවදිල්ලි නගරය ඇතුළු උතුරු ඉන්දියාවට දැනී තිබෙනවා. බිහාර් ප්‍රාන්තයට සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට මෙම කම්පනයේ බලපෑම් එල්ලවී ඇති අතර, මියගිය තුන්දෙනෙකු ඉන්දීය ජාතිකයන් බවද විදෙස් වාර්තාවල දැක්වුණා. ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව තවත් සුළු කම්පන 4 ක් සිදුවූ බවටයි වාර්තා පළවුණේ.

මෙම භූ කම්පනය දැනුන එක් වීඩියෝවක්
මෙයින් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙහි වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026