හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අතුරු තහනමක් නිකුත් කළා. අතුරු තහනම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගය ලබාදුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින්.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් සහ දැනට පරීක්ෂණ සිදු කෙරෙන සිද්ධින් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසට අතුරු තහනමක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සම ගොනු කළේ පෙරේදායි. එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුලූ 45 දෙනෙකු නම් කර තිබුණා.
අද පෙරවරුවේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලූණේ ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ සරත් ද ආබෘ යන විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී බුවනෙක අලූවිහාරේ විනිසුරුවරයා කියා සිටියේ පුද්ගලික හේතුවක් මත තමා පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි. ඉන් අනතුරුව ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලූනා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගැසට් නිවේදනයක් මගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය නොමැති බවයි. එවැනි තීරණයකට පොලිස්පතිවරයා කැබිනට් මණ්ඩලයට බලය පවරා නොමැති බවද ඔවුන් පෙන්වා දුන්නා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථාපිත කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින්නේ වගන්ති 4 ක් බවද පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියා.
මෙම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පාලනය වන්නේ කැබිනට් අනුකමිටුවකින් බවත් එහි සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍යවරයා බවත් නීතීඥවරුන් ප්‍රකාශ කළා. මෙම තත්ත්වය මත යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයා හෝ ඔහුගේ සමීපතමයන්ට එරෙහිව එල්ලවන චෝදනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යොමු නොකර යටගැසීමේ හැකියාවක් පවතින බවද ඔවුන් පෙන්වා දුන්නා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මහ පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සෙවීමේ අරමුණින් නීත්‍යානුකූල පදනමක් මත පොලිස් ඒකකය පිහිටවා ඇති බවයි.
කෙසේ වෙතත් කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයට අවසර දෙමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ජූලි මස 7 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි. පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 6 වැනිදා සිදු කෙරෙනවා.
Update: Wednessday, 13 May 2015 - 18:53 PM
...............................................................................
ගෝඨා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ, හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලූ අවස්ථාවේදියි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලීමට නියමිතව තිබුණත් පුද්ගලික හේතුවක් මත විනිසුරු බුවනෙක අලූවිහාරේ විනිසුරු මඩුල්ලෙන් ඉවත්වුණා. අනතුරුව ඉතිරි විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ සරත් ආබෘ ඉදිරියේ පෙත්සම සළකා බැලීම සිදුවූ අතර එහිදී නියෝග කෙරුණේ පෙත්සම සළකා බැලීම අවසන්වනතුරු හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළකාලන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝම්බර් මස 6 වනදා යළි කැදවනු ඇති.
Update: Wednessday, 13 May 2015 - 14:53 PM

ගෝඨාභයගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිවිරෝධී බව සහ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් එක් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.
පෙත්සම විභාගයට ගැනීම සඳහා මීට පෙර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණා. ඊට ඊවා වනසුන්දර, සරත් ආබෲ සහ බුවනෙක අලූවිහාරේ යන විනිසුරුවරුන් ඇතුළත්ව සිටියා. කෙසේ වුවත් පෞද්ගලික හේතුවක් මත මෙම විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලූවිහාරේ අද ප්‍රකාශ කර තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සදුදා ඔහුගේ නීතිඥවරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ අතර, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 45 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කර තිබෙනවා.
Update: Wednesday, 13 May 2015 - 7:51
...................................................................................................................................................................
ගෝඨාභය කළ පෙත්සමේ තීරණය අද
තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. පසුගිය සදුදා ඔහුගේ නීතිඥවරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ අතර, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 45 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කර තිබෙනවා.
මෙම පෙත්සම මගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නිත්‍යානුකූල නොවන බවට ද පෙන්වා දී තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ක්‍රියාවලිය සහ එමගින් ලබාදෙන තීන්දු නෛතික පදනමකින් තොර බවත් ඒ අනුව එම කොට්ඨාශය මෙතෙක් අනුගමනය කළ පියවරයන් අවලංගු කරන ලෙසටත් එම පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News
ඉකොනොමි පන්තියේ මගීන්ට එමිරේට්ස් ගුවන් සේවයෙන් දැවැන්ත පහසුකම් යාවත්කාලීන කිරීමක්
Local
04 August 2026
ගම්පොළ ප්‍රදේශයේ ගංවතුරින් පවුල් 500ක් අවතැන්: බෝට්ටු 6ක් සූදානම්
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන පාරේ ස්ථාන 5කින් නාය යයි
Local
03 August 2026
අම්බුළුවාව හරහා ගම්පොළ - හෙම්මාතගම පාරේ තැන් දෙකක් නායයයි
Local
03 August 2026
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026