General22 May 2015

යාපනයේ කලබල පිටුපස දේශපාලන හස්තයක් ද?

යාපනයේ ඇති වූ නොසන්සුන්තාව පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූයේ ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ මෙය යහපාලනයේ අතුරු ප්‍රතිඵලයක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes