දෙහිවල නගරයට ආසන්නයේ පිහිටි දාර්ශනිකාරාම විහාරස්ථානයේ මහා භද්‍රකාලි දේවාලය ඇතුළු දේවාල 5ක තිබූ මිල කළ නොහැකි දේවාභරණ ඇතුළු රන් ආභරණ තොගයක් සොරාගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ මහා භද්රකාලිදේවාලයේ වටිනා ත්‍රිශූලය ද සොරාගෙන ඇති බවයි. පසුගිය 10 වන දා අවසන් වරට දේවාලයේ පූජා පවත්වා ඇති අතර, එය යළි කපු මහතා විසින් විවෘත කර ඇත්තේ අද (14) දිනයේදියි. ඉන් අනතුරුවයි දේවාලයන්හි තිබූ දේවාභරණ අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත්තේ. මෙම දේවාල 5 එකිනෙකට යාබදව පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එහි එක් දේවාලයක බිත්තියක් කඩා එම ස්ථානයෙන් සොරුන් ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි දෙහිවල පොලීසිය සදහන් කළේ.
Latest News
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026