හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර සුහදතාවය ඇති කිරීම සඳහා පත් කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ (17) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.
පෙරේදා පැවති නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුවේදී මෙම කමිටුව පත් කෙරුණු අතර, නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා සහ ටී.බී ඒකනායක ඊට ඇතුළත් වනවා.
මේ අතර, පූර්ණ පාරිසරික ඇගයීම් වාර්තාවකින් පසුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පිළිබඳව සළකා බැලීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්. එසේම, අග්‍රාමාත්‍යවරයා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 20 වන සංශෝධනය බලපැවැත්වෙන්නේ මීළඟ මහමැතිවරණයට නොව ඊට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා බවයි. මීළඟ මහමැතිවරණය පවතින සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන බවයි අවධාරණය කර ඇත්තේ. අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බව සඳහන්.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම වසරේ මුල් මාස 4 තුළ රජය විසින් ලබා ගන්නා ලද ණය පිළිබඳ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, මුල් මාස 4 තුළදී රුපියල් මිලියන 6 ලක්ෂ 84,253 ක මුදලක් රජය ණය ලෙස ලබා ගෙන ඇති අතර, ඉන් මිලියන පන්ලක්ෂ 26,204 ක් ලබාගෙන ඇත්තේ දේශීය මූලාශ්‍ර වලින්. ඉතිරිය විදේශීය ණය වන අතර මෙම වසර සඳහා රජයේ අනුමත ණය සීමාව රුපියල් මිලියන දහහත් ලක්ෂ 80,000 ක්.
එසේම, අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටි පුරවැසියන්ට රුපියල් 2000 බැගින් මාසික දීමනාවක් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
තවද, පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ. එය ක්‍රියාවට නැංවීමට පෙර පළාත් සභාවන්හි අදහස් විමසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය, ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදන්වූ, ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙත රණවිරු විශේෂ කාඞ්පතක් සහ ලාංඡනයක් පිරිනැමීමට ඉදිරිපත් වූ යෝජනාවකට ද අනුමැතිය ලබා දුන්නා. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.
මෙමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන 50 කින් විවිධ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනවා.

Latest News
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026