මාළඹේ ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට බැණ වැදී ඔවුන් සතු හිස් වැස්මක් ද රැගෙන පළාගිය කාන්තාව තලංගම පොලීසිය අද (15) අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධිය අනාවරණ වුණේ ඇය පොලීසියට බැණ වදින දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රදර්ශනය වීමත් සමඟයි.
පසුගිය 13 වැනිදා තලංගම පොලීසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිද්ධියට සම්බන්ධ කාන්තාව පැදවූ මෝටර් රථය නවත්වා ඇත්තේ ඇය, තම කුඩා දරුවා රියදුරු අසුනේ වාඩිකරවා ගෙන එක් අතකින් පමණක් සුක්කානම හසුරුවමින් රිය ධාවනය කිරීම හේතුවෙන්.
පොලිස් නිලධාරීන් ඇයගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කරන අතර, එය නැවත ඉල්ලා මෙම කාන්තාව පොලීසිය සමඟ කළහකාරී ලෙස හැසිරෙන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා. පසුව ඇය එම ස්ථානයෙන් පිටව යන්නේ පොලිස් නිලධාරීයෙකුගේ යතුරුපැදියේ රඳවා තිබූ ආරක්ෂිත හිස් වැස්මක්ද රැගෙනයි. වැඩිදුර පරීක්ෂණවලදී මෙම කාන්තාව කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් බව අනාවරණ වුණා.
ඇය අද අත්අඩංගුවට ගත් පොලීසිය රජයේ දේපළ සොරකම් කිරීම, රජයේ දේපළවලට අලාභ හානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අන්තරාදායක ලෙස රිය පැදවීම යන චෝදනා ඉදිරිපත් කර අධිකරණයට මේ පිළිබඳ කරුණු ගොනු කළා. එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
පසුගිය කාලය පුරා පොලිස් නිලධාරීන් හා රියදුරන් අතර මහමඟදී සිදුවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව විවිධ විඩියෝ ද දකින්නට ලැබුණා.

Latest News
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026