පළාත් පාලන ආයතන 65 ක නිල කාලය අදින් අවසන් වන අතර ඒවායේ පරිපාලනය කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් අතට පත්කෙරෙන බව රාජ්‍ය පරිපාලන සහ ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, කඩුවෙල මහනගර සභාව, වැල්වෙටිතුරෙයි, චාවකච්චේරි, පේදුරුතුඩුව, කෑගල්ල, යන නගර සභා සහ ප්‍රාදේශීය සභා 55 ක නිල කාලය අවසන් වනු ඇති.
මේ අතර පළාත් පාලන ආයතන 234 ක නිල කාලය පසුගිය මැයි මස 15 වනදා අවසන් වූ අතර ඊට මහනගර සභා 3 ක්, නගර සභා 30 ක්, ප්‍රාදේශීය සභා 201 ක් ඇතුළත් වුණා. මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමත් සමඟම එහි පාලනය ප්‍රධාන පරිපාලන නිලධාරියා යටතට පත්වීමට නියමිතයි. ඒ අනුව, මහනගර සභාවලට නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙත ද, නගර සභා සහ ප්‍රාදේශීය සභා පාලනය ඒවායේ ලේකම්වරුන් වෙත ද හිමිවනු ඇති.
පසුගිය මාර්තු මස 17 වනදා නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 9 ක සහ මැයි මස 15 වනදින නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 234 ක මෙන්ම අද දිනයේ නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 65 ද ඇතුළුව පළාත් පාලන ආයතන 308 ක එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා පවත්වාගෙන යාමට නියමිතයි. මීට අමතරව, පසුගිය වසරේ අගෝස්තු 24 වනදා ද එක් පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වූ අතර එම වසරේ අගෝස්තු මස 31 වනදින ද තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල කාලය අවසන් වුණා. එමෙන්ම පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල මැතිවරණය ද මෙතෙක් පවත්වා නැහැ.
මේ අතර, ලබන ඔක්තෝම්බර් මස 16 වනදා තවත් පළාත් පාලන ආයතන 21 ක් ද ඔක්තෝම්බර් මස 31 වනදා පළාත් පාලන ආයතන 2 ක ද නිල කාලය අවසන් වීමට නියමිතයි. ඒ අනුව, ඉහත සඳහන් 335 ක් වූ සියලූ පළාත් පාලන ආයතනවල මැතිවරණය දෙසැම්බර් මස එක්දිනයකදී පවත්වන බවටයි රජය නිවේදනය කර ඇත්තේ

Latest News
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
Local
10 September 2026
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
Local
10 September 2026
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
Local
10 September 2026