කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය 42 හැවිරිදි කාන්තාවගේ නිවස වෙත ඊයේ (31) රාත්‍රියේ ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම ලෙස යොදා ගන්නා ලෙසයි.
එමෙන්ම කිසියම් පාතාල කණ්ඩායමක් මෙම සිද්ධියට සම්බන්ධ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටියදී කුමන පක්ෂයක හෝ කිසියම් අපේක්ෂකයෙකු පාතාල කණ්ඩායම් යොදා ගන්නේ දැයි විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇති බව සදහන්.
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන හයිබ්රිඞ් වර්ගයේ මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් පොලීසිය ඊයේ පස්වරුවේ සොයා ගත්තා. එහි තිබී ටී - 56 වර්ගයේ පතොරොම් ගැබක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
ඊයේ පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ කොටහේන - ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගනය ඉදිරිපිට දියි. බ්ලූමැන්ඩල් ප්‍රදේශය දෙසින් පැමිණි අංක තහඩු රහිත හයිබ්රිඞ් වර්ගයේ මෝටර් රථයක සිටි හතර දෙනෙකු ඉන් පිටතට බැස ටී - 56 වර්ගයේ ගිනි අවි උපයෝගී කර ගනිමින් වෙඩි තැබීම සිදුකළ බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 14 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළා. ජීවිතක්ෂයට පත්වුණේ කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ සාහික් සිත්ති නසීමා නමැති කාන්තාවක්.
තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට ජීවිත අවදානමක් නොමැති බව ජාතික රෝහලේ ප්‍රකාශිකාව සදහන් කළා.
සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය සොයාගෙන තිබූ බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට මීටර් 600ක් පමණ දුරින්. කෙසේ වෙතත්, මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.
Update: Saturday, 01 August 2015 - 7:56
--------------------------------------------------------------------
කොටහේනේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථයේ මැගසින් එකක්
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් පොලීසිය සොයාගෙන තිබෙනවා. එහි තිබී ටී - 56 වර්ගයේ පතොරොම් ගැබක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ කොටහේන - ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගනය ඉදිරිපිට දියි. ප්‍රචාරණ කටයුතුවල නිරත වී සිටි අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මිය ගොස් 13 දෙනෙකු තුවාල ලැබුවා.
බ්ලූමැන්ඩල් ප්‍රදේශය දෙසින් පැමිණි අංක තහඩු රහිත හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක සිටි හතර දෙනෙකු ඉන් පිටතට බැස ටී - 56 වර්ගයේ ගිනි අවි උපයෝගී කර ගනිමින් වෙඩි තැබීම සිදුකළ බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළා.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ සාහික් සිත්ති නසීමා නමැති කාන්තාවක්. අද පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු ශල්‍යකර්මවලට ද භාජනය කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළා.
සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය සොයාගෙන ඇති බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට මීටර් 600ක් පමණ දුරින්. කෙසේ වෙතත්, මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබෙනවා.
Update: Friday, 31 July 2015 - 19:10
.................................................................................
කොටහේනේ ප්‍රහාරයට පැමිණි බවට සැකකෙරෙන වාහනයක් සොයාගැනෙයි
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් පොලීසිය සොයා ගත්තා. මෙම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
වෙඩි තැබීමෙන් කාන්තාවක මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා.

(ඡායාරූප - සඳුන් අරෝෂ)
Update: Friday, 31 July 2015 - 17:04

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 3 දෙනෙකුට මේ වන විට ශල්‍යකර්ම සිදුකර තිබෙනවා. එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
Update: Friday, 31 July 2015 - 16:15

වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වූ කොටහේන අවට ප්‍රදේශයේ පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. කොටහේන - ශාන්ත බෙනඩික් ක්‍රීඩාංගනය අසලදී ප්රචාරක කටයුතුවල නිරත වී සිටි අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට අද දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ වාහන දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
ප්‍රහාරය සඳහා පැමිණි බවට සැකකෙරෙන වාහනයක් සොයාගෙන තිබෙනවා.
Update: Friday, 31 July 2015 - 15:35

ඇමති රවිගේ පිරිසකට වෙඩි - කාන්තාවක් මරුට - 3කට බරපතලයි - අයෙකුට ශල්‍යකර්මයක්
කොටහේන - ශාන්ත බෙනඩික් ක්‍රීඩාංගනය අසලදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මීට ටික වේලාවකට පෙර ශල්‍යකර්මයකට යොමුකළ බව ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
වෙඩි වැදී කාන්තාවක් මියගොස් 13 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාහික් සිත්ති නසීමා නමැති 42 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් වන අතර ඇය කොළඹ - 15, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිටියදී මෙම වෙඩි තැබීම සිදුවුණා.

Update: Friday, 31 July 2015 - 13:47

කොටහේන - ශාන්ත බෙනඩික් ක්‍රීඩාංගනය අසලදී අද (31) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් කාන්තාවක මියගොස් 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. තුවාලකරුවන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. වාහන දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා තිබුණේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකටයි. වෙඩි තැබූ පිරිස පැමිණි වාහනයෙන්ම පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

Latest News
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරිය නාවික හමුදාපති හමුවෙයි
Local
30 July 2026
නල්ලතන්නිය ත්‍රීරෝද රථ අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවියක් මරුට
Local
30 July 2026
හිරු CIA අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
Local
30 July 2026
මෙරට විශාලතම ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව සීදුව සුපුවත් අරණේදී විවෘත වෙයි
Local
30 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : ප්‍රධාන ජේලර් සාක්ෂි දෙයි; මාධ්‍යයේ පලකිරීමෙන් වළකින්න - අධිකරණය
Local
30 July 2026