කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ස්ටේස් පාර ප්‍රදේශයේ අද (09) දහවල් උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ - උතුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක්, කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට ප්රතිවිරෝධය පෑමට පැමිණි පුද්ගලයෙකු බිම ඇද වැටී මිය යාම හේතුවෙන් මෙම තත්ත්වය හට ගත් බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු 65ක් පමණ වයසැති ඩී.පී. ප්‍රේමසිරි නමැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. කෙසේ වෙතත්, මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ පොලිස් නිලධාරීන් පහරදීම නිසා මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි.
මෙම මරණය වාර්තාවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් ටයර් පුළුස්සමින් විරෝධතාවය දැක්වීම නිසා කොස්ගස්හන්දියේ සිට ඔරුගොඩවත්ත දක්වා දිවෙන මාර්ගය රථ වාහන ගමනාගමනය සඳහා වසා දැමීමට පොලීසියට සිදුවුණා. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි නැවත මාර්ගය විවෘත කෙරුණේ.
කෙසේ නමුත්, මෙම සිද්ධිය පිළිබඳව කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. මෙම මරණය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් මත සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණයේදී සනාථ වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.
Update: Sunday, 09 August 2015 - 18:20
-------------------------------------------------
මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට යාමේදී ඊට විරෝධය පෑ පුද්ගලයෙකු මියයයි
ග්රෑන්ඞ්පාස් - ස්ටේට් පාර, ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට විරෝධය පෑ පුද්ගලයෙකු බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ - උතුර කොට්ඨාශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මතයි අද (09) පෙරවරු 11. 30 ට පමණ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පිටත්ව ගොස් ඇත්තේ. මෙහිදී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු කාන්තාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට විරෝධය පා තිබෙනවා. කෑකෝ ගසමින් විරෝධය පෑ මෙම පුද්ගලයා සුළු වේලාවකින් බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී පොලිස් නිලධාරින්ගෙන් කිසියම් වැරැද්දක් සිදුවූ බව පවසමින් එම ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක ද නිරත වී තිබෙනවා. මේ වනවිට ඇති වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026