පසුගිය 17 වන දා පැවැති මහ මැතිවරණයෙන් පසු දිවයිනේ වැඩිම පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ මේ වන විට සිද්ධීන් 10ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම පසුගිය ජාතික මැතිවරණවලට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වැඩිවීමක් දක්නට නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
පශ්චාත් මැතිවරණ සමයේ පැමිණිලි 20ක් පොලීසියට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. ඊට අදාළව සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව - කාත්තන්කුඩි ප්‍රදේශයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් පිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ ආධාරකරුවන් පිරිසක් සහ මුස්ලිම් කොංග්‍රසයේ දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ඒ.එල්.එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සමරමින් කාත්තන්කුඩි නගරයේ රතිඤ්ඤා පත්තු කළ පිරිසක් අතර මෙම ගැටුම ආරම්භ වී ඇති බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට පැමිණිලි 3ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඊට අදාළව සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, ඒ.එල්.එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා. යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

Latest News
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: පිටත ආරක්ෂාවට පොලිසිය සහ STF කැඳවයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026