General14 September 2015

සියලූම ඉන්ධනහල් වෙත විද්‍යුත් වාහන ආරෝපන පරිපථ

විද්‍යුත් වාහන නැවත ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා ඊට අදාළ පද්ධතීන් සියලූම ඉන්ධන හල් තුළ ස්ථාපනය කරන බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු කියා සිටියේ විද්‍යුත් භාවිතයෙන් නිපදවා ඇති මෝටර් රථ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බවයි. නමුත් එම වාහන නැවත ආරෝපණය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර නොමැතිවීම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා සදහන් කළා. ඊට විසදුම් ලෙසයි සියලූම ඉන්ධන හල් තුළ නැවත ආරෝපණය කළ හැකි යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට තීරණය කර ඇත්තේ. එමෙන්ම යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
Related recommendation
Hiru TV News | Programmes