ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට හෙට (16) ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳව ලබන 30 වනදා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව හෙට ඉදිරිපත්වන වාර්තාව සැළකිල්ලට ගෙන ඊට අදාළව සවිස්තරාත්මක ප්‍රතිචාර දැක්වීමක් සිදුවනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසිවාරය අමතමින් එහි මහ කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් කුමරු කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව හෙට දිනයේ මානව හිිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
මේ අතර මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින දෙමළ සන්ධානයේ නියෝජිතයන් පිරිස ඊයේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වෙයාර් හමුවුණා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි දෙමළ සන්ධාන නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.
හෙට ඉදිරිපත් කෙරෙන වාර්තාවට අනුව එහි නිර්දේශ ලක් රජය ක්‍රියාත්මක කළ යුතු බවද දෙමළ සන්ධාන නියෝජිතයන් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහභාගි වුණා.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය නීතිමය ක්‍රියාවලියකට යොමු කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන ක්‍රියාකාරීන් පිරිසක් එම කොමිසම වෙත ලිපියකින් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය පී.ටී.අයි. ප්රවෘත්ති සේවාව සඳහන් කළේ ලොව පුරා සිටින එවැනි ක්රියාකාරිකයන් 62කු විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි. අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසයක් නොමැති බව සඳහන් කරන ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ තවදුරටත් පුළුල්ව සාකච්ඡා කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයකට ඇමරිකාව සහය පළ කිරීමද මෙම මානව හිමිකම් ක්රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව ඇති බවයි ඉන්දීය පී.ටී.අයි. සේවාව වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා නුවරදී අද දිනයේ ද නිල නොවන සාකච්ඡා කිහිපයක්ම සංවිධාන කර ඇති බව වාර්තාවුණා. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ හියුමන් රයිට්ස් වොච් ආයතනය මෙලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා.
කෙසේ වෙතත් විදේශ අමාත්‍ය මංගල සමරවීර ඊයේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ආරම්භයේදී අදහස් දක්වමින් සඳහන් කළේ අතීතයේ කඩවුණු පොරොන්දු සහ අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාව විනිශ්චය නොකරන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉවසීම, සංහිඳියාව සහ වගවීම සඳහා යන ගමනේදී අවශ්‍ය බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ මේ දිනවල දේශපාලන කරලියේ දැඩි කථාබහක් මතුව තිබෙනවා.

මේ අද (15) පැවති මාධ්‍ය හමු කිහිපයකදී ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස්.
Latest News
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026