General17 September 2015

බස් රථයක් තුළ අසභ්‍ය ලෙස හැසිරුණු කාමාතුරයෙක් ගස් බඳී

කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය
ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබේ.

අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිටිපන ප්‍රදේශයේදී බස් රථය නවතා එම පුද්ගලයාව ගස් බැඳ තිබේ.

මෙලෙස ඔහු සිය ජංගම දුරකතනයෙන් එම අවුරුදු 13ක් වයසැති දැරියගේ ඡායාරූප ගැනීම දැක ඇත්තේ තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසිනි.

මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් බව අප වාර්තාකරු පවසයි




වීඩියෝ - තිලක් ඇල්විටිගල




Related recommendation
Hiru TV News | Programmes