උපතක් හෝ මරණයක් ලියාපදිංචි කිරීමේදී නිකුත් කරනා මුල් සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්නේ නොමිලේ සිදුකරනා සේවාවක් ලෙසයි. එවැනි මුල් ලියාපදිංචියක් සඳහා මුදල් අය කිරීම සපුරා තහනම්.
යම් හෙයකින් රෙජිස්ට්‍රාර්වරයෙකු එවැනි සහතිකයක් නිකුත් කිරීම සදහා මුදල් ලබා ගන්නේ නම් එය සැලකෙන්නේ අල්ලස් ලබා ගැනීමක් ලෙසයි.
අද සී.අයි.ඒ. වෙන්වන්නේ එවැනි මුල් ලියාපදිංචි සහතික සදහා රුපියල් 500 බැගින් අල්ලස් ලබා ගන්නා මහාපරිමාණ වංචාවක් හෙළි කිරීම සඳහායි.
මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර්වරියගේ නිවස පිහිටා ඇත්තේ මහියංගනය පූජා නගරය ආසන්නයේ.
දිනපතා අලුයම හතරේ පමණ සිට ජනතාව රෙජිස්ට්‍රාර්වරියගේ නිවස අසළ පෙළ ගැසී සිටින්නේ උදෑසන 10 ට ඇය සිය රාජකාරී ආරම්භ කරනා තුරුයි.
අලුත උපන් තම කිරිකැටියන් දෑත දරා මව්පියන් අසීරුවෙන් රැදී සිටින්නේ උප්පැන්න සහතිකය ලබාගෙන තම ගම්බිම් කරා යෑම සඳහායි.
උදෑසන 10 ට රෙජිස්ට්‍රාර්වරියගේ නිවසට ප්‍රවේශ වුවද තවත් පැය භාගයකට ආසන්න කාලයක් ඔවුන්ට එහි ගත කිරීමට සිදුවන බව අපකළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණා.
දිනපතා පැමිණෙන මුල් උප්පැන්න ලියාපදිංචි අයදුම් පත්‍රය මෙම ස්ථානයේදී සම්පූර්ණ කරනා රෙජිස්ට්‍රාර්වරිය අත්සන් කිරීමට බව පවසා නිවස තුළට පුද්ගලයන් රැගෙන යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණා.
ඇය ගිය පසු රෙජිස්ට්‍රාර් ලෙස පෙනී සිටින්නේ ඇයගේ පුත්‍රයායි.
නිවස තුළදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර්වරිය රුපියල් 500 ක අල්ලසක් ඉල්ලා සිටිනවා.
මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා අනුව දළ වශයෙන් මසකට මේ ප්‍රදේශයේ උපත් 350 ක් පමණත් මරණ 40 ක් පමණත් වාර්තාවනවා.
ඒ අනුව
උප්පැන්න සහතික නිකුත් කිරීම මගින් රෙජිස්ට්‍රාර්වරිය මසකට උපයා ගන්නා අල්ලස් මුදල රුපියල් 175000 ක්.
මරණ සහතික නිකුත් කිරීම හරහා උපයා ගන්නා අල්ලස් මුදල 20000 ක්.
ඒ අනුව මාසිකව රුපියල් 195000කට ආසන්න මුදලක් මැය නීති විරෝධීව උපයා ගන්නවා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම රෙජිස්ට්‍රාර්වරියගේ අල්ලස් ලබා ගැනීම පිළිබදව තවත් තොරතුරු රැසක් හෙළි කරගෙන අවසන්.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026