ලබන වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 1941ක් ලෙස සටහන් වනවා. ඉන් සියයට 67කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්.
විසර්ජන පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
එහි විශේෂ වැය ශීර්ෂ යටතේ මුළු වියදම ලෙස දක්වා ඇති මුදල රුපියල් බිලියන 112ක්. ඊට ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව, විපක්ෂ නායක කාර්යාලය, අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම, මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත්.
මෙවර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 2.3ක් ලෙස දැක්වෙන අතර, එය පසුගිය වසරේදී බිලියන 9.6ක් ලෙස සටහන් වුණා.
ලබන වසරේ ද ඉහළම අගයක් ගන්නේ ආරක්ෂක වැය ශීර්ෂයයි. එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 21කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේදී රුපියල් බිලියන 285ක් ආරක්ෂක වැය ශීර්ෂයට වෙන් වුණු අතර මෙවර එහි අගය බිලියන 306ක්.
කෙසේ වෙතත්, පසුගිය වසරේදී බිලියන 47.6ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය මෙවර බිලියන 185 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 174ක් ද, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට බිලියන 237ක් ද, මෙම විසර්ජන පනත අනුව වෙන් කර තිබෙනවා. අඩුම වැය ශීර්ෂ දක්නට ලැබෙන්නේ සංචාරක සහ ක්‍රිස්තියානු කටයුතු, දක්ෂිණ සංවර්ධන සහ ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන යන අමාත්‍යාංශවලටයි.
මුදල් අමාත්‍යාංශයට බිලියන 107ක් වෙන් කර තිබෙනවා.
අද ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත 2016 අයවැය පළමු වර කියවීම ලෙස සැලකෙන අතර, අය - වැය දෙවන වර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අය - වැය ඉදිරිපත් කිරීම නොවැම්බර් 20 සිදුවනවා.
අය - වැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 19 වන දායි.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි
Local
04 August 2026
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා නිමාවෙයි
Local
04 August 2026
පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට
Local
04 August 2026
''හදිසියේ ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු'' - දිනන දකුණ
Local
04 August 2026
රේගු බදු වංචාවකට ප්‍රසිද්ධ මෝටර් රථ ආනයන සමාගමක අධ්යක්ෂවරයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
04 August 2026
මිනිරන් කර්මාන්තය පුළුල් කිරීමට EDB අවධානය
Local
04 August 2026
මත්වෙලා එළවලා හමාරයි: මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක Metro බස් රථවලට
Local
04 August 2026
දිස්ත්‍රික්ක 3කට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ
Local
04 August 2026