Update: මුස්ලිම් වැසියන් යාපනයෙන් පලවා හැරීමේදී දෙමළ ජනතාව නිහඩව සිටීම වරදක්ලූ

Friday, 30 October 2015 - 13:07

Update%3A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%96
එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හරිද්දී දෙමළ ජනතාව නිහඬව සිටීම අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මේ බව කියා සිටියේ උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර 25 වසරක් ගතවීම සමරමින් කොළඹ අද පැවැති සමුළුවකදියි. 1990 වසරේ මුස්ලිම් වැසියන් 8000කට අධික පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලහත්කාරයෙන් පලවා හරිනු ලැබුවා.

මේ අතර, මෙරට මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මෙහිදී ප්‍රකාශ කළා.

Update: Friday, 30 October 2015 - 19:38
----------------------------------------------------
දෙමළ ජනයා නිහඬ වීම ගැන සුමන්දිරන් කණගාටුවෙන්

මෙරට මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. උතුරේ ත්‍රස්තවාදීන් මුස්ලිම් ජනතාව පලවා හැර අවුරුදු 25 ක් ගතවීම නිමිත්තෙන් කොළඹ අද (30) පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ එදා මුස්ලිම් ජනතාව උතුරෙන් පලවා හැරීමේදී දෙමළ ජනයා නිහඬව සිටීම තමන් අනුමත නොකරන බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories