කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ තැන්පත් කර තිබෙන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට අතිවිශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා. කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහය කෝට්ටේ ශ්‍රී නාග විහාරය වෙත අද උදෑසන රැගෙන එනු ලැබුවේ විශේෂ රිය පෙරහරකින්.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැයක කාලයක් භික්ෂුන් වහන්සේලාට අවස්ථාව ලබාදී තිබුණා. ඉන් අනතුරුවයි මහජන ගෞරවය සඳහා උන්වහන්සේගේ දේහය විවෘත වුණේ. ඒ අනුව අද දිනයේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද අද දිනයේදී සෝභිත හිමියන්ට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය අද සිට එළඹෙන 12 වනදා දක්වා එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. එමෙන්ම අද සිට 12 වනදා දහවල් දෙක දක්වා විහාරස්ථානය ඉදිරිපිට සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව අදාළ කාලය තුළ පිටකෝටේ මංසන්ධියේ සිට ජුබිලි කණුුව දක්වා මාර්ගය දෙපසට වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ගෞරව දැක්වීමක් ලෙස සෑම නිවසකම කහ කොඩියක් ඔසවා තබන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මීට අමතරව අපවත් වී වදාළ පූජ්‍ය සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ලබන 12 වන දා දිවයිනේ සියලූම මත්පැන් අලෙවිසැල්, මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ ඒවා අලෙවි කරන ස්ථාන වසා තැබීමට ද රජය තීරණය කර තිබෙනවා. එදින කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සියලූම සිනමා ශාලා වසා තැබීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන මෙදින බස්නාහිර පළාතේ සියලූම පිරිවෙන් සඳහා නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කලක් රෝගාතුරව සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරු රෝහලකදී අපවත් වුණේ ඊයේ අලූයමයි. ඒ වනවිට උන්වහන්සේ 73 වන වියේ පසුවුණා. සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ මස 12 වනදා පස්වරු 3 ට සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තු ක්රීඩාංගණයේදීයි. එසේම එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Latest News
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති දිමාල් අරන්දර
Local
10 June 2026
ආටෙමිස් III මීළඟ සඳ ගමනේ නිල අභ්‍යවකාශගාමීන් ප්‍රකාශයට පත් කරයි: සඳ කිට්ටුවටත් නොයන බවටත් වාර්තා
Local
10 June 2026
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026
කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Local
10 June 2026
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026