කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ තැන්පත් කර තිබෙන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසන් ගෞරව දක්වා තිබෙනවා. ඊයේ රාත්‍රියේ නාග විහාරයට පැමිණි ජනාධිපතිවරයා මෙලෙස උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය රටටත්, ජනතාවටත් පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා. පාලනයේ සිටින්නේ කුමන පක්ෂයේ වුවද ප්රජාතන්ත්රවාදය අනතුරට පත්වූ සෑම අවස්ථාවකදීම රට තුළ යහපත් වෙනසක් ඇති කිරීමට සෝභිත හිමියන් නොබියව පෙරමුණ ගත් බවයි එම පණිවුඩයේ දැක්වෙන්නේ. පසුගිය කාලයේ රට වෙලා ගත් අත්තනෝමතික පාලනයට එරෙහි වන්නට බොහෝ දෙනා පසුබට වූ අවස්ථාවක සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරය ගොඩ නගමින් යහපාලනය සදහා ගෙන ගිය අරගලයේ පුරෝගාමී මෙහෙවරක් උන්වහන්සේ ඉටු කළ බව ද මෙම ශෝක පණිවුඩයේ තවදුරටත් සදහන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ධෛර්ය සහ නොසැලෙන නායකත්වය ද සුමධුර ධර්ම දේශන කුසලා මහිමය ද නිසා උන්වහන්සේ ශ්‍රී ලංකාවාසී ජනතාව අතර, මහත් ගෞරවයට පාත්‍ර වී ඇති බවයි ඔහු නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න පැවැති සමයේ මායිම් ගම්මානවලට පසුනොබා වැඩම වූ හිමිවරුන් අතර මාදුළුවාවේ සෝභිත හිමියන් ද සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ශෝක පණිවුඩයේ තවදුරටත් දක්වා තිබෙනවා.
සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අනිද්දා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සියලූම පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ සඳහන් කළේ අදාළ පාසල්වල 10 සහ 11 ශ්‍රේණි හැර අනෙක් පන්ති සඳහා මෙම නිවාඩු ලබාදීම සිදුකර ඇති බවයි.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය ඇතුළත් ග්රන්ථයක් ඉදිරි වසර තුළ දිවයිනේ සියලූම පාසල්වල ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බවයි.
මේ අතර, මේ වන විටත් සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙමින් සිටිනවා. අද උදෑසන සෝභිත හිමියන් අධ්‍යාපනය ලැබූ පාදුක්ක - මාදුළුවාවේ මහ විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය පැමිණ උන්වහන්සේට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

Latest News
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
Local
26 July 2026
උපාලි ධර්මදාස ගේ අවසන් කටයුතු බදාදා
Local
26 July 2026
දඹුල්ල - මාතලේ පාරේ අනතුරකින් සිව්දරු මවක් මරුට
Local
26 July 2026
කලවාන වැද්දාගල ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මියයයි
Local
26 July 2026
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට
Local
26 July 2026
ඩෙංගු රෝගීන් 81,000 පනී
Local
26 July 2026
කෝටි 20කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට
Local
26 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය
Local
26 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
Local
26 July 2026
කලපළුවාවේ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
26 July 2026