International20 November 2015

පැරිස් ප්‍රහාරයේ මහමොළකරු මියගිය බව තහවුරු වේ

පසුගිය නොවැම්බර් 13 වන සිකුරාදා ප්‍රංශයේ පැරිස් පුරවරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන අබ්දෙලාහමිඞ් අබාවුද් පොලිස් මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ බව දැන් තහවුරු වී තිබෙනවා. පැරිස් ප්‍රහාරයෙන් පසු උතුරුදිග ප්‍රංශයේ මෙම මෙහෙයුම දියත් කෙරුණේ බදාදා දිනයේදීයි. පැරිසිය තදාසන්නයේ සේන්ට් ඩෙනිස් ප්‍රදේශයේ සිදුකෙරුණු මෙම මෙහෙයුමේදී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා. නිවාස සංකීර්ණයක් අසලදී සොයා ගැණුනු ඔහුගේ සිරුර ඇඟිලි සලකුණු මගින් පසුව තහවුරු කර ගැණුනේ අබ්දෙලාහමිඞ් අබාවුද් ගේ බවටයි. පැරිස් ප්‍රහාරය සිරියාවේ සිට සැලසුම් කළ මොහු ග්‍රීසිය හරහා නැවත ප්‍රංශයට පැමිණ ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes