General02 December 2015

තවත් දුවෙක් මවක් කූඩු කරලා (ඡායාරූප)

දෙමාපියන්ට නොසළකන දරුවන් පිළිබඳ පසුගිය කාලය පුරා  නන්දෙසින් අසන්නට දකින්නට ලැබුණා.මේ ..තවත් එවැනිම සිද්ධියක්...

වැසිකිළියක් අසල නානකාමරයක දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා.  කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු   මවගේ වයස අවුරුදු 78ක්.

ඇයට දරුවන් තිදෙනෙකි. අයෙක් පුතෙක්.  දියණියක් විදේශගතව සිටිනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ  දියණිය විසිනුයි මෙලෙස වයෝවෘද්ධ කාන්තාව  දොරක් හෝ නොමැති අනාරක්ෂිත නානකාමරයේ දමා ඇත්තේ.

එහි දොර වෙනුවට තිබී ඇත්තේ යකඩ කම්බි කිහිපයක්. එයට ඉබ්බෙකු දමා මහළු කාන්තාවට එළියට යෑමට නොහැකි වනසේ අගුළු දමා තිබෙනවා.

පොලිසියට ලද  තොරතුරකට  අනුවයි   කාන්තාව සොයාගෙන ඇත්තේ.

ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක්  දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගත් පොලිස් නිලධාරීන් ඇයවද අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම නිසාවෙනුයි.


















(ඡායාරූප - දීපාල් ද සිල්වා)
Related recommendation
Hiru TV News | Programmes