මිහිදන්කර තිබියදී ගොඩ ගන්නා ලද රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහයෙන් ලබා ගන්නා ලද ඩී. එන්. ඒ. සහ ඔහුගේ මවගේ ඩී. එන්. ඒ. වාර්තා ගැලපෙන බව ජීන් ටෙක් ආයතනයේ ජේ්‍යෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලයප්පෙරුම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (04) කියා සිටියා. ඒ අනුව, පරීක්ෂණ සඳහා ගොඩගැණුනු සිරුර තාජුඞීන්ගේ බව තහවුරු වී තිබෙනවා. වසීම් තාජුඩීන් මියයාමෙන් පසු සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාව සහ ඔහුගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩ ගැනීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ සමාන ද යන්න සොයා බැලීම සඳහා මෙම ඞී. එන්. ඒ. පරීක්ෂණය සිදු කරනු ලැබුවා.
රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබෙනවා. 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාවයි එලෙස අධිකරණය වෙත ඉදිරිපත්වී ඇත්තේ. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ හේවගේ යන වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත මෙම වාර්තාව ඉදිරිපත් කළා.
මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලයේ මතය වී තිබෙනවා. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, එම වාර්තාවෙන් දැනුම්දී ඇති බව සඳහන්.
සිද්ධියට අදාළව අස්ථානගත වී ඇති බව පැවසුණු මොහොමඩ් තාජුඩීන්ගේ අස්ථි සාම්පල් සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් ද වෛද්‍ය මණ්ඩලය තම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ප්‍රථම වෛද්‍ය පරීක්ෂනයේ සහ එම එක්ස් - රේ පිටපත්වල ඇතුළත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්කමක් ඇති කලවා අස්ථි දෙකක් සහ පසු අස්ථිය ගොඩගන්නා ලද ශරීර කොටස් සමග නොතිබූ බවයි වෛද්‍ය මණ්ඩලය සදහන් කළේ.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026