International07 January 2016

පිටසක්වල ජීවීන් පිළිබඳ නව බලාපොරොත්තුවක්

අප පෘථිවිය ඇතුළත් ක්‍ෂීර පථයේ කෙළවර දක්නට ලැබෙන තාරකා පොකුරුවල පිටසක්වල ජීවීන් පිළිබඳ නව පර්යේෂණයක් ආරම්භවී තිබෙනවා.

ඇමරිකානු හාවඞ් විශ්වවිද්‍යාලයේ ස්පීච් සෝනියන් තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයන් දෙදෙනෙකු මෙන්ම ඉන්දීය විද්‍යාඥයෙකුද මේ පිළිබඳ නව බලාපොරොත්තු පළ කළා.

වසර බිලියන 10 ක් පමණ පැරණි තාරකා සාපේක්ෂව ළංව පිහිටා ඇති මෙම තාරකා පොකුරුවල ග්‍රහලෝක නිර්මාණය වීමේ අවස්ථාවක් නොමැති බවයි මෙතෙක් විශ්වාස කෙරුණේ.

අපේ සූර්යාගේ වයස වසර බිලියන 4 ක් පමණයි.

එහෙත් ක්‍ෂීර පථයේ කෙළවර පෘථිවියට සමාන භූ විෂමතාවලින් යුත් ග්‍රහලෝක පැවතිය හැකි බව නව මතය වී තිබෙනවා.

ඒ අනුව එහි ජීවීන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමටයි විද්‍යාඥයන් තීරණය කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes