General07 January 2016

කිංග්ස්වුඩ් විදුහල්පතිගේ වැඩ තහනම්

චක්‍රලේඛයට පටහැනිව මුදල් රැස් කළ මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ රාජකාරි වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකෙරුණු විගණන පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ. රුපියල් තිස් හයලක්ෂ 25,000 ක මුදලක් චක්‍රලේඛයට පටහැනිව රැස් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. කිංස්වුඞ් විද්‍යාලයේ ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලෙස පවරා විදුහල්පතිවරයා විසින් මෙම මුදල් උපයා ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සිය අමාත්‍යාංශය රුපියල් මිලියන 70 ක මුදලක් වෙන් කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes