ලොව විශාලතම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් බවට සැලකෙන තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.
ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුටයි. මෙම නිල් මැණික කැරට් 2476.66 කින් යුක්තයි. එහි බර ග්‍රෑම් 482 ක්.
මීට පෙර මෙරට පුද්ගලයකු විසින් මිළදී ගෙන තිබු නිල් මැණිකේ බර ග්‍රෑම් 281 ක් ලෙසටයි සටහන් වුයේ.
එම මැණික කැරට් 1404 කින් යුක්තයි.
කෙසේවෙතත් එහි හිමිකරුවා මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු අදාළ නිල් මැණිකේ වටිනාකම ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ඩොලර් මිලියන 300 ක්.
එම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් ඇලහැර ප්‍රදේශයෙන් හමුවු නිල් මැණික හිමිකරුවා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මැණික් ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ.
මෙම මැණිකේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
එහෙත් එහි හිමිකරුවන් ප්‍රකාශකර ඇත්තේ එය මිළකල නොහැකි බවයි.
මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පැවසුවේ මැණිකක මිළ තීරණය වන්නේ බර වැඩිවු පමණින් නොවන බවයි.
ඊට අදාළ සාධක කිහිපයක් පවතින බව ඔහු ප්‍රකාශ කලා.
ඒ අනුව මැණික කුමන වර්ගයට අයත්ද එහි වර්ණය සහ පාරදෘෂ්‍ය භාවය සහ අවසාන කැපුමකදී භාවිත වන මෝස්තරය මතයි එහි වටිනාකම තීරණය වන්නේ.
සභාපතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ මැණික් බවට හඳුනා ගැනෙන ගලක් ලැබුණ හොත් තම අධිකාරියට ඝෘජුවම දැනුම් දෙන ලෙසයි.
වසර 20 ක පමණ අත්දැකීම් සහිත පලපුරුදු විද්‍යාඥයින් සහ මිළ තක්සේකරුවන් ජාතික මැණික් අධිකාරිය සතු බවද අසංක වෙලගෙදර ප්‍රකාශ කලා.
යම් පුද්ගලයෙකුට අධිකාරියට පැමිණිමට නොහැකි නම් අදාළ ස්ථානයට පැමිණ මැණික පිළිබද තක්සේරුවක් ලබාදීමට අධිකාරිය කටයුතු කරන බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් සදහන් කලේ.

Latest News
මාවතගමදී යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණයෙක් මරුට
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
Local
05 August 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp ඇරඹේ
Local
05 August 2026
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
Local
05 August 2026
චීනයෙන් චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
Local
05 August 2026