කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව දිනපතා විභාග කිරීම මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ අද (25) ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේ නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා මිනුවන්ගොඩ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී .ඒ.රුවන්පතිරණ, සේයා සදෙව්මි දැරියගේ දෙමව්පියන් සහ සීයා ඇතුළු 30 දෙනෙකු අධිකරණයට පැමිණ සිටියා.
එමෙන්ම සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වී සිටින මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සමන් ජයලත් අද මීගමුව බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙනවිත් තිබූ අතර, පළමුවෙන් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා 04 කියවා දුන්නා.
01 සේයා සදෙව්මි දැරිය පැහැරගෙන යාම,
02 දූෂණය කිරීම,
03 බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ
04 ඇයගේ මරණය සිදුකිරීම එම චෝදනා හතරයි.
ඒ සම්බන්ධයෙන් වැරදිකරු ද නිවැරදිකරු ද යන්න සම්බන්ධයෙන් විනිසුරුවරිය සැකකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැහැරගෙන යාම සහ දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.
එහෙත් අනෙක් බරපතල ලිංගික අපයෝජනය සහ සේයා දැරිය ඝාතනය කිරීමේ චෝදනා සැකකරු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම, ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීමට අවශ්‍ය ද යන්න විමසූ අවස්ථාවේදී සැකකරු විනිසුරුවරිය නඩුව විභාග කිරීමට විරුද්ධ නොවන බව ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
ඉන් අනතුරුව සාක්ෂි විමසීම ආරම්භ වූවා.
පළමුවෙන් සේයා සදෙව්මි දැරියගේ මවගෙන් සාක්ෂි විමසීම ආරම්භ කර තිබෙනවා.
එහිදී ඇය විසින් නඩු භාණ්ඩ වන සේයා දැරිය ඝාතනයට ලක්වන විට හැඳ සිටි කලිසම සහ ටී ෂර්ටය හඳුනාගෙන තිබෙනවා. සේයා පැහැරගැනීමට ලක්වු දින රාත්‍රියේ ඇයගේ ඇඟ සෝදවා එම ඇඳුම් ඇන්ඳ වූ බව ඇය සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මෙම නඩුවට අදාළව අද දිනයේ තවත් 06 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතව තිබූ අතර, නඩුව යළිත් හෙට දිනයේ විභාගයට ගැනීමට නියමිතයි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සමන් ජයලත් නැමැත්තාගේ ඩී.එන්.ඒ. සාම්පල සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ ගැලපෙන බවට අනාවරණය වූ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් 12 වනදා සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.

Latest News
තමන් සාකච්ඡා කරන්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානයෙන් ප්‍රකාශයක්
Local
04 August 2026
ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
Local
04 August 2026
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය අද ආරම්භ කෙරේ
Local
04 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
04 August 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි ධීවරයින්ට තවදුරටත් උපදෙස්
Local
04 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 07 දක්වා ඉහළට
Local
04 August 2026
ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි තද වැසි
Local
04 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
Local
04 August 2026
කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ - නුවර පාර ඇරේ
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන සහ හෙම්මාතගම - ගම්පොළ මාර්ග යළි ගමනාගමනයට
Local
04 August 2026