General09 February 2016

ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි විශ්මිත ව්‍යාපාරයට ඔබත් හසුවුණාද?AUDIO

සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන විශ්මිත මුල්‍ය සමාගමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාල වඩාත් ප‍‍්‍රසිද්ධම හා බලවත්ම මුල්‍ය ආයතනයක්.

හිරු ශ්‍රාවකයින් කිහිප දෙනෙකු  දැනුම් දුන් තොරතුරු වලට අනුව අදාළ සමාගමේ ප‍‍්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අළෙවි කිරීමයි.

මෙම සමාගම මගින් අලෙවි කරන විවිධ භාණ්ඩ මෙන්ම විවිද සේවා සම්බන්ධයෙන්ද මේ වන විටත් හිරු අපිට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අද වන විට  රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමයි.

මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබෙනවා.

එසේ වුවද ජාවාරම්කරුවන්ගේ මෙම උපක්‍රමශීලි කූඨ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පොලිසීයද මේවන විට අවධානය යොමු කර අවසන්.

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගමේ මෙම ජාවාරමට හසුවුණූ දෙදෙනෙකු හිරුට ඒ පිළිබද විස්තර කලේ මෙලෙසයි. 


[MP3]s125808[/MP3]
   




Related Recommends
Hiru TV News | Programmes