හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ව ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේ කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල විසින්.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද අධිකරණයට දැනුම්දුන්නේ සැකකරුවන් රඳවා සිටින මැදිරියට යාබද මැදිරියේ තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.
මෙම දුරකථනය සැකකරුවන් භාවිත කර ඇති බවට සැකයක් පවතින නිසා එය පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.
ඊට අවසර දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කළේ දුරකථනය පරීක්ෂා කර මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
යෝෂිත රාජපක්ෂට අමතරව අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක CSN නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග අධ්යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අෂාන් ප්රනාන්දුයි.
CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම මොවුන්ට විරුද්ධව එල්ලවී ඇති චෝදනා වනවා.
එසේම CSN සමාගම සහ පෞද්ගලික මූල්‍ය ආයතනයක් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති බව අධිකරණයේදී අද අනාවරණ වුණා.
පෞද්ගලික මූල්‍ය ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න කියා සිටියේ ඊට අදාළ නිවේදනය ඊයේ දිනයේදී තම සේවාදායකයා වෙත ලැබී ඇති බවයි.
CSN සමාගම රුපියල් මිලියන 50 ක ණය මුදලක් ඉල්ලූ බවත් නිසි සුරැකුමක් මත එම ණය මුදල තම සේවාදායකයා විසින් ලබාදී ඇති බවත් නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ප්‍රකාශ කළා.
එම ණය මුදලින් රුපියල් මිලියන 22 ක් ගෙවීමට ඉතිරිවී ඇති බව ප්‍රකාශ කළ නීතීඥයා තම සේවාදායකයා මෙම නඩුවට අදාළව සැකකරුවෙකු ලෙස නම් කිරීමට හේතු පැහැදිලි නොමැති බව කියා සිටියා.
එහිදී පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ප්‍රකාශ කළේ අදාළ පෞද්ගලික මූල්‍ය ආයතනය මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට හේතු වාර්තාවක් මගින් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි.
මෙම නඩු විභාගය දැක බලාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියා.
නඩුව විභාගයට ගැණුනු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට අද විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණා.
පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබූ බවයි එහි සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.
එසේම අධිකරණය අසල ජල ප්‍රහාරක රථ කිහිපයක්ද නතර කර තිබුණා.
Update: Thursday, February 2016 - 10.47
--------------------------------------------------------------------------
අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ සැකකරුවන් පස්දෙනා මේ වනවිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව සඳහායි.
මෙම සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ ජනවාරි මස 30 වනදායි.
නඩු විභාගය සිදුවන ආකාරය පිළිබඳව දැකගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අධිකරණ භූමියට පැමිණ ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

Latest News
කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
Local
30 August 2026
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්
Local
30 August 2026
නේපාලයට පිහිට වෙන්න කඩිනමින් ශ්‍රී ලංකාවෙන් සහන කණ්ඩායමක්
Local
30 August 2026
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026
අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක
Local
30 August 2026
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
Local
30 August 2026
මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි
Local
30 August 2026