එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු වූ එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්ෂ්මී කන්නන් අධිකරණයට භාරවීමට කැමැත්ත පළකර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ලක්ෂ්මන් පෙරේරා අධිකරණයේදී ඊයේ ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීළඟ නඩු දිනය කැඳවන මාර්තු 3 වනදා එමිල් කාන්තන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ දිනයේදී ඔහු අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණත් කොටුව මහේස්ත්‍රාත් විසින් නිකුත් කෙරුණු වරෙන්තුව ආපසු නොකැඳවීම නිසා ඔහු පෙනී නොසිටි බවයි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් මීළඟ නඩු වාරයට එමිල් කාන්තන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි නීතීඥ ලක්ෂ්මන් පෙරේරා නඩු විභාගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු වූ එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්ෂ්මී කන්නන්ට එරෙහිව පනවා තබූ වරෙන්තු මුළුමනින්ම ඉවත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණය මගින් මේ මස මුලදී එමිල් කාන්තන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනය සහ වරෙන්තු ඉවත් කරනු ලැබුවා.
ඒ මෙම ජාත්‍යන්තර වරෙන්තුව හේතුවෙන් එමිල් කාන්තන්ට අධිකරණයට භාරවී ඔහුට එරෙහිව ඇති නඩුව සඳහා පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
සුනාමි අවතැන්වූවන්ට නිවාස සාදාදීමට වෙන් කළ රාඩා ආයතනයේ රුපියල් මිලියන 757 ක මුදලක් අයථා ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත ලබාදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එමිල් කාන්තන් අධිකරණයට අවශ්‍යව සිටියා.
ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ප්‍රධානියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ජන්ද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටි රනිල් වික්‍රමසිංහට ලැබීම වැළැක්වීම සඳහා පසුගිය රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සම්බන්ධීකරණය සිදුකළේ මොහු හරහා බවට ද ප්‍රකාශ වුණා.

Latest News
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026