අජන්තා රණසිංහ ජීවන ගීතයට සමුදෙයි

Saturday, 27 February 2016 - 14:54

%E0%B6%85%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රවීන ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ කොළඹ ජාතික රෝහලේදී අද (27)  පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 76 ක්.

නිවසේදී සිදුවූ හදිසි වැටීමකින් පසු අජන්තා රණසිංහයන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙරට ගීත කලාවට මෙන්ම සාහිත්‍ය කලාවට ද ඉමහත් මෙහෙවරක් කළ අජන්තා රණසිංහයන් ලාංකේය කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ කුරුම්බැට්ටි මැෂිමේ ළමා ගීතයත් සමගයි.

විකසිත පෙම් පොකුරු පියුම්, රන්කෙන්දෙන් බැඳ, ? පැල් රකින, දුරස් වන්නට මේලෙසින් වැනි ගීත ඇතුළු ගී පදවැල් රැසක් ඔහුගේ පන්හිඳෙන් උපත ලැබුවා.

විවිධ අත්දැකීම් සහ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු රචනා කළ ගීත මෙරට ගායික ගායිකාවන් රැසකගේ ගමන් මග පෝෂණය කිරීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories