යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවන්ට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා ඊයේ පිළිතුරු ලබාදුන්නා.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ පසුගිය රජය සමයේදී සේවාවන් හුවමාරුවද ඇතුළත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවති බවයි.
හිටපු ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් නම් නොකළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පළකරන අදහස් පිළිබඳව විමතියට පත්වන බවයි.
කෙසේ නමුත් දේශපාලනමය සංවාදයකට ලක්වීමට තමා අදහස් නොකරන බව පැවසූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා විමසා සිටියේ ගිවිසුමේ ඇතුළත් කරුණු පිළිබඳ එකඟත්වයකට පැමිණීමට පෙර එය විවේචනය කළ හැකිද යන්නයි.
එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡාවල න්‍යාය පත්‍රයද තමන් වෙත ලැබුණේ මීට දින දෙකකට පෙර බව ඉන්දු - ශ්‍රී ලංකා සමාජය අමතමින් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
සීපා ගිවිසුම සම්බන්ධයෙන් දැන් විපක්ෂයේ සිටින එවකට අමාත්‍ය ධුර දැරූ දේශපාලඥයන් සාකච්ඡාවලට සහභාගි වූ බවත් එම සාකච්ඡා බොහෝදුරට අවසන් වී පැවති බවත් මහ කොමසාරිස්වරයා කියා සිටියා.
එය අත්සන් කිරීම නතර වූයේ අවසන් මොහොතේදී බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සේවා හුවමාරුවේදී ක්ෂේත්‍ර දෙකක් පමණක් විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු වුවද එහිදී ක්ෂේත්‍ර 80 ක් පමණ පුද්ගල හුවමාරුවකින් තොරව දෙරටට විවෘත වන බව ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා අවධාරණය කළා.
එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට යෝජිත ගිලන් රථ සේවාව සහ එට්කා ගිවිසුම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ නමුත් අදාළ ව්‍යාපෘතියට ඉන්දීය රජය මගින් ඩොලර් මිලියන 7ග5 ක මූල්‍යාධාරයක් පිරිනැමුවා.
අදාළ ගිලන් රථ සේවාව සඳහා ශ්‍රී ලාංකික සේවකයන් බඳවාගැනීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම්ද ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
හදිසි වෛද්‍ය තාක්ෂණික සහයකයන් සහ ගිලන් රථ රියදුරන් බඳවාගැනීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර ඔවුන්ට රුපියල් 25000 ත් 35000 ත් අතර වැටුප් ලබාදෙන බවයි ප්‍රකාශ වී ඇත්තේ.

Latest News
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ තායිලන්තයේ කුමරිය අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය දකුණු කොරියාවට
Local
12 June 2026
"රනිල් වසර 10කින් තරුණ වෙලා, කොන්දත් ශක්තිමත්" හරීන් ප්‍රනාන්දුගෙන් පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමක්
Local
12 June 2026
ශ්‍රී ලංකා කොදෙව් T20 තරගාවලියේදී කොදෙව්වන්ට තරගකාරී ජයක්
Local
12 June 2026
කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
12 June 2026
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී: නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි
Local
12 June 2026