General07 March 2016

මහා ශිව රාත්‍රී දිනය අද

මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ මහා ශිව රාත්‍රී දිනයෙන් මිනිසා යහපත කෙරේ දක්වන පූජනීය බැදීම තහවුරු වන බවයි.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ආධ්‍යාත්මික ශික්ෂණය මෙන්ම ලෞකික ජීවිතය වඩාත් යහපත්ව පවත්වාගෙන යාමට මහා ශිව රාත්‍රී දිනය සමරන බවද එහි දැක්වෙනවා.

අතීතයේ සිට මිනිස් සිත්හී පවතින මෙවන් චාරිත්‍ර තුලින් මිනිසාගේ සාමකාමී හා අවිහිංසාවාදී පැවැත්ම පිළිබිඹු වන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

මිනිසා සහ දෙවියන් එකම මංසලකදී මුණගැසෙන මෙවන් වන්දනාවන් යහපැවැත්ම අගයන සැමගේ ගෞරවයට පාත්‍ර විය යුතු බවද එම නිවේදනයේ සදහන්.

එබැවින් මහා ශිව රාත්‍රී දිනය සැබෑ අරුතන් සමරන සියළු හින්දු බැතිමතුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය සුබ පැතුම් පල කර තිබෙනවා.

මේ අතර අදට යෙදෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ලොව පුරා හින්දු බැතිමතුන් නවම් මස අමාවක දින එළඹෙන මහා ශිව රාත්‍රී දිනය මහත් උත්සවාකාරයෙන් සමරනවා.

මෙම රාත්‍රිය ශිව දෙවියන්ගේ ප්‍රියතම රාත්‍රීය ලෙස සලකන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes