General13 March 2016

දිවයින පුරා විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙලෙස හදිසියේ විදුලිය බිද වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

පසුගිය 25 වන දා ද දිවයින පුරා හදිසි විදුලි බිද වැටීමක් සිදුවූ අතර ඊට හේතු වූයේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක්.
Related recommendation
Hiru TV News | Programmes