හදිසි විදුලි බිද වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඊට අදාළ සියලූ පාර්ශව අද දිනයේදී අමාත්‍යාංශයට කැදවා තිබෙනවා.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඒ බව ප්‍රකාශ කලා.
මේ අතර දිවයින පුරා හදිසි විදුලි බිද වැටීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට අද දිනයේදී පැමිණිල්ලක් ගොනු කිරීමට සූදානම් වනවා.
------------------------------------------------------------------------
SUNDAY,13 MARCH 2016 19-01
දිවයින පුරා අද පස්වරුවේ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව මහවැලි විදුලි බලාගාරවල සිට කොළඹට විදුලිය සපයන සම්ප්‍රේෂණ මාර්ග සම්බන්ධ කෙරෙන බියගම විදුලි උපපොළේ ට්රාන්ස්ෆෝමරයක සිදුවූ කාර්මික දෝෂයක් බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය සදහන් කළා.
දින 17ක් තුළ දිවයින පුරා සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය වනවා.
දෙවන වරටත් දිවයින පුරා විදුලිය විසන්ධි වීමේ වගකීම භාර ගනිමින් විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු කියා සිටියේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වූ වහාම තමන් ඊට අදාළ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන බවයි.
පසුගිය මස 25 වන දා දිවයින පුරා පැය 3කට ආසන්න කාලයක් මෙවැනිම විදුලි බිඳ වැටීමක් වාර්තා වූ අතර, පසුව අනාවරණ වුණේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිබලැති රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් ඊට හේතුව බවයි.
එම විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියෝගයක් ද නිකුත් කළා.
අද විදුලි බිඳ වැටීම සිදුවුණේ පස්වරු 2.45ට පමණයි.
විදුලි බිඳ වැටීමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ, කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු ද ස්වයංක්‍රීයව ඇණ හිටියා.
මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ සඳහන් කළේ විටින් විට සිදුවන මෙවැනි විදුලි බිඳ වැටීම් වළක්වා ගැනීම සඳහා විදේශීය මෙන්ම දේශීය විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල අධ්‍යයනයක් සිදුකරන බවයි.
දිවයින පුරා විදුලිය විසන්ධිවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය ද මේ වන විට අක්‍රිය වී තිබෙනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රංජිත් පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ පවතින තත්ත්වය තවදුරටත් පැවතියහොත් කොළඹ, දෙහිවල, පිටකෝට්ටේ සහ බත්තරමුල්ල ප්‍රදේශවලට ජල සැපයුම ලබාදීම අත්හිටුවීමට සිදුවන බවයි.

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
23 September 2026
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි
Local
23 September 2026
සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ
Local
23 September 2026
හරක් කටාගේ පහරදීමෙන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
23 September 2026
බන්ධනාගාරය තුළ 'හරක් කටා' සහ 'කෙහෙල්බද්දර පද්මේ' අතර ගැටුමක් - පද්මේ රෝහලට
Local
22 September 2026
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් (UPDATE)
Local
22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026