General30 March 2016

UPDATE: චාවකච්චේරියේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අයෙකු අත්අඩංගුවට

චාවකච්චේරි - මරවන්පුලවු ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චි - අක්කරායන්කුලම් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන්.

මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4 ක්, ටී එන්ටී පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3 ක්, මිලිමීටර් 9 පතොරම් 100 ක් සහ බැටරි පැක් 2 ක්, චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේයි.


----------------------------------------------
චාවකච්චේරි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී  මරාගෙන මැරෙන  ඇදුම් කට්ටලයක් සමග අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කලේ   මරවන්පුලවු ප්‍රදේශයේ නිවසක් තුළින්  මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් / පැති බෝම්බ 4ක් / පුපුරණ ද්‍රව්‍ය  කිලෝ අඩංගු පාර්සල් 3ක් පතොරොම් පැකට්  10ක් / බැටරි පැක් 2ක් සොයා ගෙන ඇති බවයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ තිබු නිවසේ අයිතිකරු ප්‍රදේශයෙන් පලාගොස්  ඇති බවද පොලිසීය තහවුරු කලා.

මේවා පසුගිය යුධ සමයේ  සගවා තිබු ඒවා බවටයි  සැකකෙරෙන්නේ.




Related recommendation
Hiru TV News | Programmes