ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සකස් කෙරෙන ත්‍රස්ත මර්දන නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජගත් සංවිධානය සමඟ නිළ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ජගත් සංවිධානයේ ත්‍රස්ත මර්දන විධායක කමිටු කාර්යාලයේ විධායක අධ්යක්ෂ ජෝන් පෝල් ලැබෝඞ් නිව්යෝක් නුවර දී ඊයේ හමුවූ අවස්ථාවේදියි.
ජගත් සංවිධාන ත්‍රස්ත මර්දන කාර්යාලයේ නියෝජිතයන් මීට පෙර ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත වුණා.
ඊයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ජගත් සංවිධානයේ සම්මුතීන් සහ ජාත්‍යන්තර ප්රමිතීන් අනුව සකස් කිරීම පිළිබඳවයි.
පරිපූර්ණ ත්‍රස්තවාදය වැළැක්වීමේ කෙටුම්පතක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඊයේ පැවැති හමුවේදී ජගත් සංවිධාන ත්‍රස්ත මර්දන කාර්යාලයේ විධායක අධ්යක්ෂ ජෝන් පෝල් ලැබොඩ් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සිය කාර්යාලය සමඟ අඛණ්ඩව සහායෝගීතාව පවත්වාගෙන ගිය බවයි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සඳහා ජගත් සංවිධානයේ පූර්ණ සහාය හිමි වන බවත් ඔහු සදහන් කර තිබෙනවා.
මෙහිදී අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කර ඇත්තේ ජාතික සහ මහජන ආරක්ෂාව නීතිය හා සාමයට අදාළව නව නීති කෙටුම්පත් 3ක් ශ්‍රී ලංකාව සකස් කරමින් සිටින බවයි.
අන්තවාදය සහ ත්‍රස්තවාදයෙන් එල්ල වන තර්ජන වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
ජාතික ආරක්ෂාව මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම ද අදාළ නව නීති කෙටුම්පත්වලින් ආවරණය කෙරෙනු ඇති.

Latest News
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026