General01 May 2016

කැස්බෑ සහ ඩොල්ෆින් කරවල සමඟ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය - චීන වරාය - කොඩ්බේ වරාය ප්‍රදේශයේදී වියලන ලද කැස්බෑ කරවල සහ ඩොල්ෆින් කරවල ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රි 8.30 ට පමණ මොවුන් වෑන් රථයකින් කැස්බෑ සහ ඩොල්ෆින් කරවල කිලෝ 120 ක් ප්‍රවාහනය කර ඇති බව සඳහන්.

සැකකරුවන් හලාවත සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් දඩයම් කිරීම මෙරට වනජීවී සහ තුරුලතා ආරක්ෂණ පනත යටතේ තහනම් වනවා.
Related recommendation
Hiru TV News | Programmes