රුපියල් දෙකෝටියක කප්පම් මුදලක් ඉල්ලා වාරියපොලදී පැහැරගත් තරුණයා අද නිකවැරටිය ප්‍රදේශයේදී හමුවුණා.
ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
වාරියපොල පදිංචි 20 හැවිරිදි මෙම තරුණයා පැහැරගනු ලැබුවේ පසුගිය 12 වනදා රාත්‍රියේදියි.
සිය පියාට හිමි ව්‍යාපාරික ස්ථානයේ සිට පාපැදියකින් නිවස බලා යමින් සිටියදී සුදු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් පැහැරගැනීම සිදුකර තිබුණා.
පසුව පැහැරගැනීම සිදුකළ පුද්ගලයන් දුරකථනය ඔස්සේ තරුණයාගේ පියා අමතා පවසා ඇත්තේ රුපියල් කෝටි 2 ක මුදලක් ලබාදීමට එකඟ වුවහොත් තරුණයා මුදාහැරීමට කටයුතු කරන බවයි.
මේ පිළිබඳව වාරියපොල පොලීිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරුණා.
පොලීසියේ උපදෙසා මත තරුණයාගේ ඥාතීන් මුදල් ලබාදීමට එකඟ වී ඇති අතර, පැහැරගත් කල්ලියට ඒ පිළිබඳව දැනුම්දී තිබෙනවා.
එහිදී පැහැරගැනීම සිදුකළ පිරිස අවස්ථා කිහිපයකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවත් ඒ සෑම අවස්ථාවකදීම කප්පම් කල්ලියේ පුද්ගලයන් තරුණයාගේ ඥාතීන් මගහැර ගොස් ඇති බවත් වාර්තාවනවා.
මේ අතර වාරියපොල ප්‍රදේශයේ හයිබ්රිඞ් මෝටර් රථයක හිමිකරුවෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගත්තේ උපාය දුතයෙකු ලබාදුන් තොරතුරකට අනුවයි.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයන් හයදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව පොලීසියෙන් ඊයේ දහවල් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.
ඊයේ පස්වරුවේ පැහැරගැනීම සිදුකළ පුද්ගලයන් තරුණයාගේ ඥාතීන්ට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ මහව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙසයි.
එම ස්ථානයට සිවිල් පොලිස් නිලධාරීන් සමඟ පවුලේ ඥාතීන් ගොස් ඇති අතර, එහිදීද කප්පම්කරුවන් මගහැර ගොස් තිබෙනවා.
අද අලූයම පොලීසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ පවසා ඇත්තේ පැහැරගත් තරුණයා නිකවැරටිය නගරයේ පිහිටි ඔරලෝසු කණුව ආසන්නයේ දමා යන බවටයි.
ඒ අනුව අද අලූයම 5.30 ට පමණ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තරුණයා සිය භාරයට ගෙන තිබෙනවා.
පැහැරගත් තරුණයා මහව ප්‍රදේශයේ අතහැර දැමූ නිවසක රඳවාගෙන සිට ඇති අතර, දින කිහිපයක් තිස්සේ ඔහුට විවිධ අඩන්තේට්ටම් සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.
තරුණයාගේ මුඛය ප්‍රදේශයේ තැලීම් කිහිපයක් දක්නට ලැබෙන බවද සඳහන්.
ඒ අනුවයි ඔහු ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහල වෙත යොමු කිරීමෙන් පසුව කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත්තේ.
කප්පම් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026