General19 May 2016

දිවයිනේ සියලූ පාසල්වලට හෙට දිනයේ නිවාඩු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලූ පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර සියලූ චක්‍රලේඛ අත්හිටුවා ජනාතාවගේ සුබසාධනය වෙනුවෙන් ස්වේච්ඡා සංවිධානවල ප්‍රධානීන්ගේ තොරතුරුද නීතිමය තොරතුරු ලෙස සළකා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related recommendation
Hiru TV News | Programmes