අරණායක - අම්බලකන්ද - බෙරවිල - කබරගල කන්ද අද පස්වරුවේ නායයාමකට ලක් වුණා.
අප වාර්තාකරු සදහන් කළේ අක්කර 10 කට ආසන්න භූමි ප්‍රමාණයක් නායයාමකට ලක්වී ඇති බවයි.
කෙසේ වෙතත්, නායයාමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවූයේ නැහැ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව මීට දින කිහිපයකට පමණ පෙර එම ප්‍රදේශවල සිටි ජනතාව ඉවත් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, තවමත් විටින් විට කන්දෙහි කොටස් නායයමින් පවතින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, නායයාම සිදුවන අවස්ථාවන් දැක බලා ගැනීම සදහා අරණායක ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.
එලෙස පැමිණෙන ජනතාව හේතුවෙන් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.
එය සහනසේවා කණ්ඩායම්වල වැඩකටයුතුවලට බාධා මතුකර ඇති බව වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ තවදුරටත් ප්‍රදේශයේ නායයාම් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
මේ හේතුව ජනතාව නිරන්තරයෙන් අවධියෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කළා.
එසේම කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයාමේ අවදානම් නිකුත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අරණායක - සාමසර කන්ද නායයාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින්ගේ සිරුරු 2 ක් අද සිදුකරන ලද මෙහෙයුම්වලින් සොයා ගෙන තිබෙනවා.
පස්වන දිනටත් අද එහි මෙහෙයුම් ආරම්භ කළ අතර, ඊට වර්ෂාවෙන් බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
දැනට සාමසර කන්ද නායයාමෙන් පුද්ගලයින් 144 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
මේ අතර අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ අවතැන්වූවන්ට පිසූ ආහාර ප්‍රමාණවත් පරිදි ලැබෙන බවයි.
අවශ්‍යවන්නේ ඉටිපන්දම් සහ මදුරු දඟර වැනි අනෙකුත් ද්‍රව්‍ය බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා.
සාමසර කන්ද නායයාමෙන් විපතට පත්වූවන් පිළිබඳව සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද අද එහි සංචාරයක නිරතවුණා.
එහිදී විපතට පත්වූවන් රඳවා සිටින අරණායක - දිප්පිටිය - රාජගිරිය මධ්‍යමහා විද්‍යාලය වෙත ගොස් ඔවුන්ගේ අඩුපාඩු සොයාබැලූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කෑගල්ල - බුලත්කොහුපිටිය - කළුපහන වත්ත - අරන්දර ප්‍රදේශයේ නායයාමෙන් විපතට පත්වූවන් සදහා තවමත් සහන ලැබී නොමැති බව වාර්තා වනවා.
අරන්දර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ නායයාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Latest News
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026