General24 May 2016

නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියකුට බැන වැදුනු හැටි

පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ පාසලක පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී නැගෙනහිර මහ ඇමති අහමඩ් නසීර් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුට දැඩි ලෙස බැන වැදීමේ දර්ශන පෙළක් හිරු ටී වී ප්‍රේක්ෂකයෙකු අපට ලබාදුන්නා.

නැගෙනහිර මහ ඇමතිවරයා එලෙස හැසිරෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ඉදිරියේ.

පසුගිය 20 වැනිදා ත්‍රිකුණාමලය - සාම්පුර් මහා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා මහ ඇමතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු එක්ව සිටියා.

මෙම උත්සවය අතරතුර නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා මෙලෙස බැන වදින්නේ සාම්පුර් කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාටයි.

මෙහිදී නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ අත ත්‍යාග උත්සවයට සහභාගී වූ පාසල් දරුවෙකුගේ මුහුණේ වදින්නේ ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම මතයි.

Related recommendation
Hiru TV News | Programmes